ජනතාව පීඩනයෙන් මුදාගත හැකි පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනගනවා

ජනතාව පීඩනයෙන් මුදාගත හැකි පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනගනවා

ඉදිරි අභියෝග වලින් රට මුදා ගත හැකි පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට සූදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ඒ සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙනවා.

රට බංකොලොත්භාවයෙන් මුදාගෙන ආර්ථික වර්ධනයක් සඳහා යොමු කරවීම වැඩපිළිවෙලේ ප්‍රධානතම අරමුණයි.

මේ වන විට රටෙහි ජනතාව අධි බදු බරකට ලක්ව සිටිති. ඉන් ඔවුන් මුදා ගෙන පීඩනය ඉවත් කිරීම එක්සත් ජනරජ පෙරමුණ ඉදිරිපත් කළ වැඩපිළිවෙළේ ප්‍රධානතම අරමුණ බව රණවක මහතා සඳහන් කරනවා.

මෙම වසරේ දී ජාතික මැතිවරණ ය පැවැත්වෙයි. ඒ නිසා රටේ ඉතිහාසයෙහි තීරණාත්මක වසරක් ලෙසද මෙය හැඳින්විය හැකි බව රණවක මහතාගේ අදහසයි.

දැනටමත් ජනාධිපතිධුරය සඳහා විවිධ අපේක්ෂකයෝ ඉදිරිපත්ව සිටිති. එහෙත් කිසිදු වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත්ව නැහැ

එවැනි වටපිටාවක එක්සත් ජනරජ පෙරමුණ වසර තුනකදී ඉටුකරගත හැකි ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇතැයි රණවක මහතා අවධාරණය කරනවා.

ජනතාව මත ඇති බදු බර අවම කරමින්, ණය ගෙවිය හැකි රාජ්‍යයක් නිර්මාණය කිරීමට වැඩපිළිවෙල යටතේ හැකිවන බවද ඔහු පෙන්වා දෙනවා.

ඉදිරිපත් කර ඇති නව ප්‍රායෝගික වැඩපිළිවෙලට සම්බන්ධ වෙමින් රට සංවර්ධනයට සූදානම් පාර්ශව සමග පුළුල් දේශපාලන සන්ධානයක් නිර්මාණය කිරීම අපේක්ෂාව බව චම්පික රණවක මහතා පෙන්වා දෙනවා.