ඇෆ්ගන් හමුදාවට බාධකයක්

ඇෆ්ගන් හමුදාවට බාධකයක්

තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමෙන් පසු, බ්‍රිතාන්‍ය හමුදා සමඟ එක්ව සටන් කළ ඇෆ්ගන් හමුදා සාමාජිකයින්ට බ්‍රිතාන්‍යට පැමිණීම එක්සත් රාජධානියේ විශේෂ බලකාය විසින් අවහිර කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඒ, බී. බී. සී පුවත් සේවය සිදු කළ ගවේශනයකදීයි.

අදාළ ඇෆ්ගන් හමුදා සාමාජිකයින් තලේබාන්වරුන්ට එරෙහිව සටන් කළ බවට බලගතු සාක්ෂි තිබියදී අයදුම්පත් 2000 ක් පමණ මෙලෙස ප්‍රතික්ෂේප කර ඇති බවයි එම පුවත් සේවය හෙළි කළේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් ආරම්භ කළ බව මෙම අනාවරණයෙන් පසු බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සඳහන්කර තිබෙනවා.

https://shorturl.at/kx058

COMMENTS