සරත් ෆොන්සේකාව පක්ෂ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක්

සරත් ෆොන්සේකාව පක්ෂ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක්

සමගි ජන බලවේගයේ සභාපති ෆිලඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එම පක්ෂයේ තනතුරුවලින් පහකිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

සරත් ෆොන්සේකා මහතා විසින් ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව දින 14 ක් සඳහා අධිකරණය මෙම වාරණ නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් මෙහි විත්තිකරුවන් ලෙස නම් කර තිබුණා.

COMMENTS