විදුලිය ගැන අලුත් ආරංචියක්

විදුලිය ගැන අලුත් ආරංචියක්

පසුගිය මාස කිහිපයට සාපේක්ෂව මේ වනවිට විදුලි ඉල්ලුම ඉහළගොස් ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා අද (19) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ පෙබරවාරි මාසයේ ගතවූ දින කිහිපය සඳහා ගිගාවොට් පැය 46ක විදුලි ඉල්ලුමක් ලැබී ඇති බවය.

එසේම පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනයද සීමා කර ඇති බව පෙන්වාදුන් ඒ මහතා සඳහන් කළේ එය සියයට 20ක් දක්වා අඩුකර ඇති බවය.

මේ හේතුවෙන් විදුලිය භාවිත කිරීමේදී හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් එය භාවිත කරන ලෙසට ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා වැඩිදුරටත් පැවසීය.