පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිපි නිකුත් නොකෙරේ

පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිපි නිකුත් නොකෙරේ

මෙම වර්ෂය සදහා 1, 5, 6 ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිපි නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක‍්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු අතර විදුහල්පතිවරුන් විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සිසුන් ඇතුළත් කරගැනීම සිදු කළ යුතුයි

එමෙන්ම, පාසල්වල හය වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පස් වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මත පමණක් සිදු කරනු ලබන බව සඳහන්

මීට අමතරව මෙම වර්ෂයේ 1, 5 සහ 6 ශ්‍රේණි හැර අනෙකුත් අතරමැදි පන්ති සඳහා අපොස උසස් පෙළ ද ඇතුළුව සිසුන් ඇතුළත් කිරීමට ද අදාළ අයදුම්පත් පාසල් වෙත යොමු කළ යුතු වනවා.

ඒ අනුව එම පාසල්වල පුරප්පාඩු පවතී නම් විදුහල්පතිවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශ චක‍්‍රලේඛ ප‍්‍රකාර ව සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරාගත් සිසුන්ගේ නාම ලේඛනය අනුමැතිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කරනු ඇති බව සඳහන්

කෙසේ වෙතත් පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් නොකරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා

COMMENTS