හෙදියන්ට සුබ පණිවිඩයක්

හෙදියන්ට සුබ පණිවිඩයක්

සෞඛ්‍යය සේවාවේ වෘතීය සමිති 72ක් ඒකාබද්ධවී සිදුකල වැඩවර්ජනය පසුගියදා තාවකාලිකව නවතා දැමුනා. සෞඛය අමාත්‍යවරයා හා මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමග සිදුකල සාකච්ඡාවේදී ඊට අදාල වෘතීය සමිති සංගම් නියොජිතයන් කිසිදු එකඟතාවයකට පත්ව තිබුනේ නැහැ.

එක්සත් හෙඳ සංගමයට අයත් හෙද සේවයේ නියුතුවූවන් මෙම වර්ජනයට එක් නොවූවද අදාල දීමනා ලබා ගැනීම සඳහා සාඛච්චා සඳහා එක්ව තිබුනා. එක්සත් හෙඳ සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසන පරිදි තමන්ට මේසඳහා සාධනීය ප්‍රතිචාර ලැබී ඇති බවත්, එළඹෙන 19වැනි සඳදා දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවෙදී එම දීමනාව ලෙස රු.25000ක් ඉල්ලා සිටින බවත් පැවසූහ. ඒ්සඳහාද තමන්ට යහපත් ප්‍රථිචාර ලැබෙනු ඇතැයි උන්වහවහන්සේ වැඩිදුරටත් පවසා සිටියහ.

COMMENTS