රුසියාව නැගෙනහිර යුක්රේනයේ නගර අත්පත් කර ගැනීමේ අවධානමක්

රුසියාව නැගෙනහිර යුක්රේනයේ නගර අත්පත් කර ගැනීමේ අවධානමක්

රුසියාව නැගෙනහිර යුක්රේනයේ නගර අත්පත් කර ගැනීමේ අවධානමක් පවතින බව ඇමෙරිකාව නිවේදනය කරනවා.

පසුගිය මාස කිහිපය තුළ දී නැගෙනහිර යුක්රේනයේ අව්ඩිව්කා නගරයේ බලය යුක්රේන හමුදාවන්ට අහිමි වෙමින් පවතින බවයි ඇමෙරිකාව පෙන්වා දෙන්නේ.

යුක්රේනයට අවශ්‍ය අවි ආයුධ ප්‍රමාණවත් තරම් නොතිබිම ඊට ප්‍රධාන හේතුවක් වන බව ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනය කරනවා. යුද මෙහෙයුම් හේතුවෙන් නගරය මේ වන විටත් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වුව ද පසුගිය බදාදා දිනයේ දී ඇමෙරිකා ඩොලර් බිලියන 95ක සහන පැකේජයක් සදහා ඇමෙරිකා සෙනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. ඉන් ඩොලර් බිලියන 60ක ප්‍රමාණයක් ලබා දීමට නියමිතව ඇත්තේ යුක්රේනයටයි.

https://shorturl.at/gDUW6

COMMENTS