පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ

පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ

හොරණ රජමහා විහාරස්ථානයේ රයිගම්පුර නවම් මහ පෙරහැර හේතුවෙන් පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය දැනුම් දෙනවා.

ඒ අනුව අද රාත්‍රියේ නවම් පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතයි.

පෙරහැර සඳහා අලිඇතුන් 40ක් හා ශාස්ත්‍රීය නර්තන කණ්ඩායම් 85ක් එකතුවීමට නියමිතයි.

ඒ අනුව හොරණ රජමහා විහාරස්ථානයේ අසල සිට පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයේ කොටසක් වන විද්‍යාරතන හන්දිය සිට හොරණ පොලීසියට හැරෙන හංදිය දක්වා කොටසේ වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.