ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා ගිවිසුමක්

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා ගිවිසුමක්

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා ගිවිසුමක් අත්සන් කරන බව වරාය සහ නාවික, ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

අමත්‍යවරයා ඒ බව කියා සිටියේ, “ස්ථාවර රටකට සාමූහික මාවතක්” යන තේමාව යටතේ පෙරේදා (15) ජනාධිපති මාධ්‍ය අංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මගීන්ගේ පහසුව ඉහළ නැංවීමේ අරමුණින් ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන්ව ආරම්භය කිරීමත්, ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශගත වීම ප්‍රමාද වීම වැළැක්වීම සම්බන්ධවත්, ඔවුනට කඩිනම් විදේශ රැකියා සඳහා පහසුකම් සැලසීමත්, වැනි කාරණා මෙම ගිවිසුම මඟින් ඉටුවන බව ඔහු එහිදී වැඩිදුරත් අවධාරණය කර සිටියා.

එමෙන්ම, බොහෝ ඊශ්‍රායල ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට ඇති උනන්දුව පිළිබඳව ද එහිදී අමත්‍යවරයා විසින් වැඩිදුරත් සඳහන් කර තිබෙනවා.

COMMENTS