රුසියානු විපක්ෂ නායක බන්ධනාගාරයේදී මිය යයි

රුසියානු විපක්ෂ නායක බන්ධනාගාරයේදී මිය යයි

රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි බන්ධනාගාරයේදී මිය ගිය බව එරට බන්ධනාගාර සේවය පවසනවා.

රුසියානු විපක්ෂ නායකවරයා රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රධානතම දේශපාලන ප්‍රතිවාදියා ලෙස සැලකෙන අතර ඔහු මියයන විට ආක්ටික් බන්ධනාගාර කොලනියේ වසර 19ක සිරදඬුවමක් ගෙවමින් සිටියා.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ඔහුට ක්ෂණික මරණයක් හිමිව ඇති අතර 2020 වර්ෂයේදී ද ස්නායු අඬපණ කරන විෂ ශරීර ගත වී අසාධ්‍ය තත්ත්වයට පත් වීම එකල ජාත්‍යන්තර මාධ්‍යයේ ප්‍රධාන සිරස්තලයක් බවට පත්ව තිබුණා.

රුසියානු ජනාධිපතිවරණය මෙම වසරේ මාර්තු 17වන දා පැවැත්වීමට නියමිතව තිබිය දී නවල්නී හදිසියේ මියයාම මේ වනවිට විදෙස් මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක්වෙමින් තිබෙනවා.

මියයන විට 47 වියෙහි පසු වූ ඇලෙක්සි නවාල්නි හට අන්තවාදී ප්‍රජාවක් නිර්මාණය කිරීම, අන්තවාදී ක්‍රියාකාරීන්ට මුදල් සැපයීම සහ වෙනත් විවිධ අපරාධ සම්බන්ධයෙන් රුසියානු අධිකරණයකින් වරදකරු කළ අතර ඔහුට 2023 වසරේ අගෝස්තු මාසයේදී වසර 19ක සිර දඬුවමක් නියම වුණා.

https://shorturl.at/emxW7

COMMENTS