රනිල්ලගේ චන්ද්‍රිකාගේ කුමන්ත්‍රණයක් ගැන විජිත හේරත් කියයි

රනිල්ලගේ චන්ද්‍රිකාගේ කුමන්ත්‍රණයක් ගැන විජිත හේරත් කියයි

කවුරුන් කුමක් ප්‍රකාශ කළද නියමිත කාලයේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.

ඒ අනුව සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 17 කාලය තුළ එය පැවැත්විය යුතු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මැතිවරණ කොමිසමට බලය ලැබීමෙන් අනතුරුව තවත් පෝය 7 කින් ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත්, ජනාධිපති ධූරය අහෝසි කිරීම් සම්බන්ධයෙන් වන කටකතාව චන්ද්‍රිකා සහ රනිල්ගේ කුමන්ත්‍රණයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔවුන් හිටපු කථානායක කරූ ජයසූරිය පෙරටු කර ගනිමින් ඒ සඳහා ප්‍රචාරයන් දියත් කරමින් ඇති බවත්, විධායක ජනාධිපති ධූරය අහෝසි කළ හැක්කේ මාලිමාව පාලනයක් යටතේ පමණක් බවයි විජිත හේරත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

COMMENTS