ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව බුද්ධිමත් තීරණයක් ගන්නවා

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව බුද්ධිමත් තීරණයක් ගන්නවා

වතුකරයේ ජනතාව ආර්ථිකමය වශයෙන් පහළ මට්ටමක සිටියත් ඔවුන් බුද්ධිමත් බවත්, එම නිසා ජනාධිපතිවරණයේදි ඔවුන් හොද තිරණයක් ගන්නා බව සමගි ජනබලවේගයේ පා.ම වඩිවේල් සුරේෂ් පවසනවා.

වඩිවේල් සුරේෂ් ඒ බැව් කියා සිටියේ ඊයේ (15) දින හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන වටවල රොසැල්ල ගනේෂා දමිල මහා විද්‍යාලයේ පැවති උත්සවයකට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින්.

මෙම උත්සවයෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක් වු වඩිවේල් සුරේෂ් මහතා කියා සිටියේ ජනාධිපතිවරයත් කියනවා ජනාධිපතිවරණය තියනවා කියලා , මැතිවරණ කොමසාරිවරයා ව්‍යාවස්ථාන අනුව කටයුතු කරයි කියලා මම හිතනවා, ඔක්තොම්බර් මස වෙද්දි තමයි ව්‍යාවස්ථාන අනුව නව ජනාධිපතිවරයෙක් පත් වෙන්න ඕනි, රට දැන් ආර්ථික වශයෙන් ගැටළු වලට මුහුණ දිලා තියෙන අවස්තාවක් ඒ නිසා පාට පක්ෂ භේද අමතක කරලා සියළු දෙනා එකතු වෙලා සුදුසු කෙනෙක් ජනාධිපතිවරයා වශයෙන් තොරාපත් කර ගන්න අවශ්‍යයි, එහෙම නැතුව දේශපාලන වාසි වෙනුවෙන් කටයුතු කලොත් රට වැටෙනවා ආයේ.

පාකිස්ථානයට වෙලා තියෙන දේ පේනවනේ ? මේ රටේ ජනාධිපති කෙනෙක් වෙන්න 51% ක් ජන්ද ලබා ගන්න ඕනි , පක්ෂ වලට බෙදිලා ඡන්ද කෑලි කඩන්නේ නැතුව හැමෝම එකතු වෙලා එක් ජනාධිපතිවරයෙක් තෝරාපත් කර ගන්න අවශ්‍යයි