අසාධාරණ වෘත්තීය ක්‍රියාමාර්ග තරයේ හෙළා දකිනවා

අසාධාරණ වෘත්තීය ක්‍රියාමාර්ග තරයේ හෙළා දකිනවා

ආර්ථික දුෂ්කරතා පැවැතියද රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 10,000ක ජීවන වියදම් දීමනාවක් ලබාදීමට රජය කටයුතු කර ඇති පසුබිමක සෞඛ්‍ය වෘත්තීය සමිති රෝගීන්ගේ ජීවිත පීඩාවට පත් කරන ආකාරයෙන් වර්ජන දියත් කිරීම මේ අවස්ථාවේ සිදු නොවිය යුත්තක් බව විවෘත සහ වගකිව යුතු රජයක් සඳහා වූ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයන්ට චෝදනා කළ පමණින් රට ඉදිරියට ගෙනයෑමට නොහැකි බවත් රාජ්‍ය නිලධාරීන් ද කාර්යක්ෂමව වගවීමකින් යුතුව ජනතාවට සේවය සැපයීමට බැඳී සිටින බවත් මන්ත්‍රිවරයා සඳහන කළා.

විවෘත සහ වගකිව යුතු රජයක් සඳහා වූ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.

COMMENTS