ළමා පිළිකා රෝග පිළිබඳ විශේෂ දැනුම්වත් කිරීමක්

ළමා පිළිකා රෝග පිළිබඳ විශේෂ දැනුම්වත් කිරීමක්

අදට යෙදෙන ළමා පිළිකා දිනය හා සමගාමී ව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් මාධ්‍ය හමුවක් ඊයේ (14) කැඳවා තිබිණි.

එහි දී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා සඳහන් කළේ, 2021 වර්ෂයේ දී පිරිමි දරුවන් 578ක් සහ ගැහැණු දරුවන් 454ක් වාර්තා වී ඇති බවයි.

මහරගම අපේක්ෂා රෝහලේ ළමා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජීව ගුණසේකර මහතා සඳහන් කරන්නේ, වසරකට පිළිකා රෝගී දරුවන් 250 – 300 අතර ප්‍රමාණයක් මිය යන බවයි.

පිළිකා සහිත දරුවන් මුල් අවස්ථාවේ දී ම අඳුනා ගැනීම ඉතා වැදගත් බව හා නිසි ප්‍රතිකාර ලබාදීම ද වැදගත් බව ඔහු අවධාරණය කර ඇත.

දරුවන් අතර බහුල ව වාර්තා වන පිළිකා වර්ගය ලේ පිළිකාව බව ද ඔහු සඳහන් කරයි.

වැඩිහිටියන්ට පිළිකා වැලඳීම සඳහා ප්‍රධාන වශයෙන් දුම්පානය කිරීම සහ බුලත් විට කෑම හේතු වන නමුත් ළමා පිළිකා සඳහා එවැනි නිශ්චිත හේතුවක් හඳුනාගෙන නොමැති බව ද ඔහු වාර්තා කර ඇත.

වසරකට පිළිකා රෝගී දරුවන් වාර්තා වීම 1,000 සිට 1,200 දක්වා වන බව ද ඔහු සඳහන් කරයි.