සිංහල අවුරුද්දට පෙර අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළට
සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයට පෙර අපේ රටේ සියලු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් අඩු කිරීමේ වැඩපිළිවෙළක් ඇරඹීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
එම පාරිභෝගික භාණ්ඩ මිල ගණන් අඩු කර මහජනතාවට සහන සැලසීම සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්රමුඛ අමාත්‍ය මණ්ඩලය ද සාකච්ඡා කළ බව ඇමැතිවරයා කීය.
‘වර්තමානයේ භාණ්ඩ මිල ඉහළ යෑම ජනතාවට දරා ගැනීමට නොහැකි තත්ත්වයට පත්වී තිබෙනවා. ඒ සම්බන්ධව රජයේ අවධානය යොමු වී තිබෙනවා. පසුගිය සඳුදා පැවති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදීත් මේ සම්බන්ධව පුළුල් ලෙස සාකච්ඡා කළා. බොහෝ ආනයනික භාණ්ඩවලට පනවා ඇති බදු ඉවත් කිරීම හා අඩු කිරීම සම්බන්ධව රජය අවධානය යොමු කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ අමාත්‍ය මණ්ඩලය විසින් සාකච්ඡා කළ පරිදි ඉදිරි කාලය තුළ මහජනතාවට සහන රැසක් ලබා දෙනවා. කෙසේ නමුත් ඉදිරි කාලය තුළ කිසිසේත්ම මිල වැඩිවීම් නැහැ. ඉදිරියේ තිබෙන්නේ මිල අඩු කිරීම් පමණයි’ යැයි ද ඇමැතිවරයා අවධාරණය කළේය.
පොල් සංවර්ධන මණ්ඩලය ඇතුළු ආයතනවල නිලධාරින් සමඟ ඊයේ (14) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී ඇමැතිවරයා විසින් මේ බැව් අනාවරණය කළේය.