ශ්‍රී ලංකාවට පූර්ණ තරඟාවලි ජයක්

ශ්‍රී ලංකාවට පූර්ණ තරඟාවලි ජයක්

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තෙවැනි සහ අවසන් එක්දින තරගය ඊයේ පැවැත්විණ.

එහිදී කඩුලු 07ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන නායක හෂ්මතුල්ලා ශහීඩි පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් ඇෆ්ගනිස්තානය වෙනුවෙන් සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 266ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.

පැතුම් නිස්සංක සහ අවිෂ්ක ප්‍රනාන්දු විශිෂ්ට ආරම්භයක් ලබා ගත්තා.

අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 91කට අවාසනාවන්ත ලෙස දැවී ගිය අතර පැතුම් නිස්සංක ශතකයක් සමඟ ලකුණු 118ක් වාර්තා කළා.

එය හතරේ පහර 16කින් සහ හයේ පහර 02කින් සමන්විත වුණා.

කුසල් මෙන්ඩිස් හයේ පහර 04ක් සමඟ වේගවත් ලකුණු 40ක් රැස් කළ අතර ඒ අනුව තරඟ තුනකින් සමන්විත එක්දින තරගාවලිය 03ට 0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

COMMENTS