රාජ්‍ය සේවයට ඉන්දියාවෙන් අලුත් වැඩක්

රාජ්‍ය සේවයට ඉන්දියාවෙන් අලුත් වැඩක්

ඉන්දු-ලංකා හවුල්කාරීත්වයක් මගින් මෙරට රාජ්‍ය අංශයේ ධාරිතාව ඉහළ නැංවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා මෙම පියවර ගන්නා බවද ජනාධිපති කාර්යාලය කියයි.ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය නිල සංචාරයේදී වූ එකඟතාවය පරිදි මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාල ජ්‍යෙෂ්ඨ මට්ටමේ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා රජයේ ආරාධනය පරිදි ඉන්දියාවේ යහපාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ (National Center for Good Governance, India) අධ්‍යක්ෂ ජනරාල් භාරත් ලාල් මහතා ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවී සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.

COMMENTS