මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව අප්‍රේල් 25 වනදා

මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව අප්‍රේල් 25 වනදා

අමාත්‍යවරයෙකුව සිටියදී අයථා ලෙස උපයා ගත් මුදලකින් බොරැල්ල ප්‍රදේශයේ සුඛෝපභෝගි නිවසක් ලබා ගැනීමට අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව අප්‍රේල් 25 වනදා ලබාදීමට අධිකරණය තීරණය කළා.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ හමුවේ අදාළ නඩුව ඊයේ (14) කැඳවූ අවස්ථාවේදීයි.

අයථා ලෙස උපයා ගත් රුපියල් ලක්ෂ 274ක මුදලකට එම නිවස මිලදී ගත් බවට චෝදනා කරමිනුයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව අදාළ නඩුව පවරා ඇත්තේ.

COMMENTS