බදුල්ල දිස්ත්‍රික්කයේ වායු ගෝලයේ දූවිලි අංශු සාන්ද්‍රනය ඉහළට

බදුල්ල දිස්ත්‍රික්කයේ වායු ගෝලයේ දූවිලි අංශු සාන්ද්‍රනය ඉහළට

බදුල්ල දිස්ත්‍රික්කයේ වායුගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

බාහිරින් හමාඑන සුළංවල පවතින දූෂණ කාරක මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි එම සංවිධායන පෙන්වන්නේ.

මෙම තත්ත්වය මත කුඩා දරුවන්, වයෝවෘද්ධ පුද්ගලයින් හා ශ්වසන ආබාධවලින් පෙළෙන පුද්ගලයින්ට, සෞඛ්‍යමය හානිකර තත්ත්වයක් පවතින බවයි, බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ E.L.M උදයකුමාර පෙන්වා දෙන්නේ.

ඉදිරි දින දෙක තුළ හා අද (15) දින බදුල්ල දිස්ත්‍රික්කයේ වායු ගෝලයේ දූවිලි අංශු සාන්ද්‍රනය පැවතිය යුතු මට්ටමට වඩා වැඩි ප්‍රමාණයක් දිස්ත්‍රික්කය පුරා පැතිර පවතින බවත් එය සෞඛ්‍යමය අතින් අහිතකර තත්ත්වයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මුව ආවරණ පැළදීම සිදුකළ යුතු අතර සෞඛ්‍ය ගැටලු ඇති පුද්ගලයින් විවෘත පරිසරයේ රැදී සිටීමෙන් වළකින ලෙසයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.