ජනපති අරමුදලට අලුත් වෙබ් අඩවියක්

ජනපති අරමුදලට අලුත් වෙබ් අඩවියක්

ජනාධිපති අරමුදලේ නව වෙබ් අඩවිය (https://www.presidentsfund.gov.lk) ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පෙරේදා (13) නිල වශයෙන් විවෘත කර තිබෙනවා.

මෙමඟින් ජනතාවට ජනාධිපති අරමුදල වෙතින් සපයනු ලබන සේවාවන්ට අදාළ යාවත්කාලීන වූ තොරතුරු භාෂා ත්‍රිත්වයෙන්ම ලබා ගැනීමේ හැකියාව පවතින අතර වෛද්‍යාධාර ලබා ගැනීමට අදාළ අයදුම්පත බාගත කරගැනීමේ හැකියාව ද ලැබෙනවා.

COMMENTS