කෑගල්ලේ රිළව් මට්ටු කරන්න වායු රයිෆල්

කෑගල්ලේ රිළව් මට්ටු කරන්න වායු රයිෆල්

රිළා මර්දනය සදහා කෑගල්ල දිස්ත්‍රික්කයට වායු රයිෆල් ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මෙම තීරණය කිසිදු බලපෑමක් පැමිණියත් කිසිලෙසකින්වත් නැවත වෙනස් නොකරන බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව සිය විමධ්‍යගත මුදල්, ගොවි සංවිධාන සදහා වායු රයිෆල් ලබා ගැනීමට වෙන් කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.