Online පනතේ නව සංශෝධන ඉදිරි මාසය ඇතුළත

Online පනතේ නව සංශෝධන ඉදිරි මාසය ඇතුළත

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ නව සංශෝධන සිදු කිරීමට තවත් මාසයක පමණ කාලයක් ගත වනු ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ජනාධිපති නීතිඥ ‍ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් අදාළ සංශෝධන ඉදිරිපත් කරනු ඇති බවයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව එම සංශෝධන ඉදිරිපත් කිරීමට පෙරේදා රැස් වූ කැබිනම් මණ්ඩලය තීරණය කළේ ය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ, සංශෝධන 30කට අධික සංඛ්‍යාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි.

ඒ, විවිධ පාර්ශ්වවල විරෝධතා සැලකිල්ලට ගනිමිනි.

අමාත්‍යවරයා පැවසුවේ, සමාජ මාධ්‍ය ජාල සම්බන්ධ ආයතන සහ සිවිල් සංවිධාන නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවලදී ගත් තීරණ අනුව නව සංශෝධන ඉදිරිපත් කර ඇති බවයි.

පසුගිය දිනවල මෙම පනතේ බොහෝ වගන්ති සම්බන්ධයෙන් පාර්ශ්ව ගණනාවක් විවේචන එල්ල කළහ.

නමුත් පෙබරවාරි 1වැනි දා මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කළ අතර එය යළිත් සංශෝධනය කිරීමට සූදානම් වන්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිසම පවා පත්කර නොමැති පසුබිමකයි.

COMMENTS