සෞඛ්‍ය වෘත්තීය සමිතියෙන් තීරණයක්

සෞඛ්‍ය වෘත්තීය සමිතියෙන් තීරණයක්

තම ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ලිඛිත දැනුම්දීමක් සිදුකරනතුරු සිය වර්ජනය අඛණ්ඩව සිදුකරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මේ බව සඳහන් කළේය.

වෛද්‍යවරුන් සඳහා ලබාදුන් ඩැට් දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඊයේ (13) උදෑසන 6.30 සිට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළේය.

COMMENTS