සෞඛ්‍ය වර්ජනය අදත්

සෞඛ්‍ය වර්ජනය අදත්

සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන වර්ජනය අදත් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

මේ අතර සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධිපතිවරයා විසින් ඊයේ අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කළා.

එහි දැක්වෙන්නේ රෝහල්වල සිටින රෝගීන් නඩත්තුව, පිළිගැනීම, රැකවරණය, පෝෂණය සහ ප්‍රතිකාර සම්බන්ධ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇති බවයි.

වෛද්‍යවරුන් සඳහා අනුමත කළ රුපියල් 35,000ක ඩැට් දීමනාව තමන්ට ද ලබා ගැනීම සඳහා සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක නියෝජිතයින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමග පෙරේදා පැවැත්වූ සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වීම හේතුවෙන් ඊයේ උදෑසන 6යි 30හේ සිට සෞඛ්‍ය සේවකයින් වර්ජනයක් ආරම්භ කළා.

මෙම වර්ජනය සඳහා පරිපූරක, අතුරු වෛද්‍ය, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය සේවිකාවන් එක්ව සිටිනවා.

වර්ජනය හේතුවෙන් රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගැනීමට පැමිණි ජනතාව දැඩි අසීරුතාවන්ට මුහුණ පෑ අතර රෝහල් සේවා අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ද කැඳවා තිබුණා.

හෙද සංගම් මෙම වර්ජනයට සහය පළ නොකළද සමස්ත ලංකා හෙද සංගමය කියා සිටියේ අද දිනයේ වර්ජනයට සහය ලබාදෙන බවයි.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ද කොළඹදී ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබූ අතර මේ එහිදී අදහස් දැක්වූ එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.

වර්ජනයේ නිරත වෘත්තිය සමිතිවලට යළි සේවයට පැමිණෙන ලෙසයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ඉල්ලා සිටියේ.

එමෙන්ම මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේ සෞඛ්‍ය සේවකයින්ගේ දීමනා ඉහළ දැමුවොත් එම බරද ජනතාව මත පැටවෙන බවයි.

COMMENTS