සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය

2023 වසරේ සාමාන්‍ය පෙළ විභාගය මැයි – ජුනි මාස වලදී පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි විද්‍යාලයේ අද පැවති පාසල් පෙළ පොත් බෙදාදීමේ ජාතික උත්සවයට එක්වෙමින්.

එමෙන්ම උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත්, 2025 වසරේ නව පාසල් වාරය ජනවාරි දෙවනදාත් අරඹන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ රැකියා බිහි කිරීම සඳහා වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ආරම්භ කළ යුතු බවයි.