මෝදර වෙඩි පත්තු වෙයි

මෝදර වෙඩි පත්තු වෙයි

මෝදර පොලිස් වසමේ දී ඊයේ (13) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

පොලීසිය සඳහන් කළේ, වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවය.

එලෙස තුවාල ලබා ඇත්තේ අවුරුදු 51 ක්වූ මහවත්ත පටුමඟ, කොළඹ 14 යන ලිපිනයේ පදිංචිකරුවෙකි.

තුවාලකරු මෝදර වීදිය ප්‍රදේශයේ පිහිටි අවන්හලක කළමනාකරු වශයෙන් සේවය කරන අතර, ඔහු එම අවන්හලේ ගේට්ටුව ආසන්නයේ සිටිය දී කාර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබේ.

පොලීසිය පැවසුවේ, සැකකරුවන් පළා ගොස් ඇති බවත් වෙඩිතැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර ඇති බවට සැක පළ කරන බවය.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.

COMMENTS