ජාතික හැඳුනුම්පත ගන්න එන්නම ඕනේ නැතිලු

ජාතික හැඳුනුම්පත ගන්න එන්නම ඕනේ නැතිලු

2024 මැයි මාසයේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර, මෙතෙක් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය නොලැබුණු ඉල්ලුම්කරුවන්ට දෙපාර්තමේන්තුව වෙත පැමිණිමකින් තොරව එම ලිපිය ලබා ගත හැකි බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

2005-02-01 දින සිට 2008-01-31 දින දක්වා උපන් අයැදුම්කරුවන් වෙත නිකුත් කරන ලබන තොරතුරු තහවුරු කිරීමේ ලිපි මේ වනවිට සියලු ම ඉල්ලුම්කරුවන් වෙත තැපැල් මගින් යොමු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.