ජනප්‍රිය රංගන ශිල්පිනියක් සියදිවි නසාගනී

ජනප්‍රිය රංගන ශිල්පිනියක් සියදිවි නසාගනී

විජය ලක්ෂ්මි ලෙසින් ප්‍රේක්ෂකයින් අතර ප්‍රසිද්ධ ජනප්‍රිය ගායිකාවක් සහ නිළියක් වූ මල්ලිකා රාජ්පුත්, සැකකටයුතු ලෙස මියගොස් තිබෙනවා.

ඇගේ සිරුර උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සුල්තාන්පූර්හි පිහිටි ඇගේ නිවසේ විදුලි පංකාවක එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇති අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙය සියදිවි නසාගැනීමක් බවයි.

ජීවිතක්ෂයට පත්වන විට ඇයට වයස අවුරුදු 35ක්.

මල්ලිකා රාජ්පුත් 2014 වසරේ Kangana Ranaut රඟපෑ Revolver Rani චිත්‍රපටයේ සහාය නිලියක් ලෙසින් රංගනයෙන් දායක වී තිබෙනවා.

එමෙන් ම ඇය Yaara Tujhe ගීතයේ මියුසික් වීඩියෝව සඳහාද තම දායකත්වය සපයා ඇති අතර ඇය 2016 දී භාරතීය ජනතා පක්ෂයට (BJP) සම්බන්ධ වූ බවයි වාර්තා වෙන්නේ.

නමුත් වසර දෙකකින් පසුව ඇය දේශපාලනයෙන් ඉවත්ව තිබෙනවා.

කථක් නැටුම් පුහුණු කරන්නියක වූ ඇය රසිකයන්ගේ නොමද ආදරයට පාත්‍ර වූ රංගන ශිල්පිනියක්.

ඇගේ මරණය සම්බන්ධව ප්‍රකාශයක් ලබා දෙමින් ඇගේ මව ප්‍රකාශකර සිටියේ නිවසේ සියලුම දෙනා නිදාගෙන සිටි නිසා ඇගේ මරණය කෙසේ වූවාදැයි නොදන්නා බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

https://shorturl.at/ijCW0