ගොවි උද්ඝෝෂනයකට කදුලු ගෑස් ප්‍රහාරයක්

ගොවි උද්ඝෝෂනයකට කදුලු ගෑස් ප්‍රහාරයක්

ඉන්දියාවේ ගොවි උද්ඝෝෂකයින්‍ට පොලීසිය අද දිනයේත් කදුලු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඉන්දියාවේ ගොවි උද්ඝෝෂණ ක්‍රියාත්මක වන්නේ අඛණ්ඩව දෙවන දිනටයි. පන්ජාබ් ප්‍රාත්තයේ සිට දිල්ලි නගරය බලා ගමන් ආරම්භ කළ ගොවි උද්ඝෝෂකයින්ට ඊයේ දිනයේත් පොලීසිය කදුලු ගෑස් ප්‍රහාර එල්ල කළා.

හර්යානා ප්‍රාන්තයේ ෂම්බු ප්‍රාන්ත දේශසීමාව ප්‍රදේශයේ සිට අද උදෑසන දිල්ලි නගරය බලා ඔවුන් යළි ගමන් ආරම්භ කළා.

උද්ඝෝෂකයින්ට දිල්ලි නගරයට ඇතුළුවීම වැළැක්වීම සදහා ඔවුන් ගමන් ගන්නා මාර්ගයේ ස්ථාන රැසක දැඩි බාධක යෙදවීමටයි පොලීසිය පියවර ගෙන ඇත්තේ.

දිල්ලි නගරය තුළ ද ආරක්ෂාව දැඩිකර ඇති අතර නගරයට ඇතුළුවිය හැකි සෑම මාර්ගයක්ම වසා දැමීමටයි පොලීසිය පියවර ගෙන ඇත්තේ.

උද්ඝෝෂකයින් හා පොලීසිය අතර හර්යානා ප්‍රාන්තයේ දී ගැටුම් හටගෙන ඇති බවද සඳහන්.

https://shorturl.at/dNVZ8