රාජ්‍ය ඇමති ඩයනාට එරෙහි අභියාචනා පෙත්සම කල්යයි

රාජ්‍ය ඇමති ඩයනාට එරෙහි අභියාචනා පෙත්සම කල්යයි

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු සුදුසුකම් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සම සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් කළ අතර තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල්තබා තිබෙනවා.

ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා සමන්විත ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ පෙත්සම් විභාගය වී තිබෙනවා.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් විසින් මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම අද (13) කැදවනු ලැබූ අවස්ථාවේදී වග උත්තරකාර ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු කරුණු ඉදිරිපත් කළ අතර, පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් නැවත කරුණු ඉදිරිපත් කිරීම සිදු කළා.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තැබුවා.

COMMENTS