ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් ගිවිසුමක්

ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් ගිවිසුමක්

දේශීය ඉන්ධන වෙළෙඳ ක්‍ෂේත්‍රය විදේශීය ආයෝජකයින් සඳහා විවෘත කිරීමෙන් අනතුරුව මෙරට ආයෝජනය සඳහා කටයුතු කළ ඇමෙරිකානු මූලයක් සහිත සමාගමක් වන, ෂෙල් – ආර්එම් පාක්ස් (Shell – RM Parks) සමාගම හා ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම, ඉන්ධන ගබඩා කිරීම හා ඛෙදා හැරීමේ ගිවිසුමකට එළඹීම අද දින (12) කොළොන්නාව, ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම් ප්‍රධාන කාර්යාලයේදී සිදු කර තිබෙනවා.

මේ අනුව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට, ෂෙල්-ආර් එම් පාක්ස් සමාගමට අයත් ඉන්ධන තොග මෙරට තුළ ගබඩා කිරීම හා බෙදාහැරීම ආශ්‍රිත කටයුතු සඳහා ප්‍රතිපාදන සැලසෙනු ඇති.

COMMENTS