ශ්‍රී ලංකාවට ජයක්

ශ්‍රී ලංකාවට ජයක්

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ (09) පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 42ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 381ක් රැස් කළේ ය.

එහි දී පැතුම් නිස්සංක වාර්තා කළ ද්විත්ව ශතකය වාර්තා අතරට එක් වුණේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ඉනිමක වාර්තා වූ පළමු ද්විත්ව ශතකය ලෙසයි.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ මොහොමඩ් නබී පන්දු 130කින් ලකුණු 136ක් රැස් කළේ ය.

ඔහුට අනගි සහායක් ලබා දුන් අස්මතුල්ලා ඔමාසායි ද ඇෆ්ගනිතානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 149ක් රැස් කළේ ය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීමට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 339ක් පමණි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 42ක ජයක් ලබා ගැනීමට හැකියාව ලැබුණා.