නව කැලණි පාලමේ ගමනාගමනය සීමා කෙරේ

නව කැලණි පාලමේ ගමනාගමනය සීමා කෙරේ

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් නව කැලණි පාලමෙන් වරාය දෙසට ඇතුළු වන මාර්ගය වසා තැබෙන බව පොලිසිය සඳහන් කරනවා.

ඒ අනුව ඊයේ (09) රාත්‍රී 9 සිට පෙබරවාරි මස 12 වැනිදා අලුයම 5 දක්වා කටුනායක සිට කැලණි පාලමට ඇතුළු වී වරාය දෙසට ගමන් කරන මංතීරුව පමණක් වසා තැබෙන බවයි වර්තා වන්නේ.

එමෙන්ම ඔරුගොඩවත්ත මංසන්ධියේ සිට කැලණි පාලමට ඇතුළු වී වරාය පිවිසුම (ඉඟුරුකඩේ හංදිය දෙසට යන) පාලමේ මැද කොටසින් වසා තැබෙන බවද සඳහන්.

COMMENTS