ගින්නක් හේතුවෙන් හැටන් රුවන් පුර රක්ෂිතයේ ‍අක්කර 3ක් විනාශයි

ගින්නක් හේතුවෙන් හැටන් රුවන් පුර රක්ෂිතයේ ‍අක්කර 3ක් විනාශයි

හැටන් රුවන් පුර ප්‍රදේශයේ රක්ෂිතයේ ඊයේ රාත්‍රියේ හට ‍ගෙන ඇති ගින්නක් හේතුවෙන් එම රක්ෂයේ අක්කර තුනක පමණ ප්‍රමානයක් විනාශයට පත්ව තිබෙනවා.

හැටන් ආශ්‍රිත මධ්‍යම කඳුකර ප්‍රදේශයන් තුල මේ වන විට පවතින වියළි කාලගුණික තත්වයන් සමඟ සමහර පිරිස් රක්ෂිත කැලැ තුල ජිවත් වන සාවුන් වැලි මුවන් වැනි කුඩා සතුන් දඩයම් කිරිමට හා විනෝදයට මෙසේ රක්ෂිත කැලැ ගිනි තැබිම් සිදු කරන බවයි ප්‍රෙද්ශවාසීන් පවසන්නේ.

මෙම රක්ෂිිත කැලැ මෙසේ ගිනි තැබිමත් සමඟ මෙම ප්‍රදේශයන් තුල දැඩි පරිසර විනාශයක් සිදු වන්නා සේම ප්‍රදේශයන් තුල දැඩි ජල හිඟයක් ඇතිවිමේ අවදානමක් පවතින බවද එම පිරිස් පවසනවා.

මෙසේ කැලැ ගිනි තබන පුද්ලයන්ට එරෙහිව දැඩි නිතිමය පියවර ගැනිමට අදාල බලධාරීන් පියවර ගත යුතු බවයි ප්‍රදේශවාසීන් වැඩි දුරටත් පවසන්නේ.

COMMENTS