අස්වැසුම නව ප්‍රතිලාභීන්ගේ අයදුම්පත් කැඳවයි

අස්වැසුම නව ප්‍රතිලාභීන්ගේ අයදුම්පත් කැඳවයි

අස්වැසුම නව ප්‍රතිලාභීන් ලක්ෂ 4ක් තෝරාගැනීමට අයදුම්පත්‍ර කැඳවීම අද ආරම්භ කිරීමට නියමිතයි.

මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී විවිධ පාර්ශ්වවලින් ලද යෝජනා අනුව ඇතැම් නිර්ණායක සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවයි.

මේ අතර ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි අස්වැසුම ප්‍රතිලාභ දීමනා ඉහළ නංවා ඇති අතර ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ලැබීමට සුදුසුකම් ඇති අලු‍තෙන් හඳුනාගන්නා පුද්ගලයන්ට එම දීමනාව අප්‍රේල් මස 1 වනදා සිට ලබාදීමට නියමිතව තිබෙනවා.