2024 ප්‍රංශ ඔලිම්පික් උළලේ පදක්කම් එළිදක්වයි

2024 ප්‍රංශ ඔලිම්පික් උළලේ පදක්කම් එළිදක්වයි

2024 ප්‍රංශ ඔලිම්පික් උළෙල ජූලි මාසයේ 26 වන දින සිට අගෝස්තු මාසයේ 11 වනදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

මේ උණුසුම අතර, ඔලිම්පික් තරඟාවලියේ තරඟ ජයග්‍රහකයින් සඳහා පිරිනමන පදක්ම් ඊයේ (08) දිනයේ එළි දක්වනු ලැබුවා.

මෙවර ඔලිම්පික් තරඟවලිය සඳහා 5000ක්ට අධික පදක්කම් සංඛ්‍යාවක් නිර්මාණය කර ඇති අතර, මෙහි විශේෂත්වය වන්නේ මෙම පදක්කම් සියල්ලම නිර්මාණය කර ඇත්තේ අයිෆල් කුලුණප්‍රතිසංස්කරණය කිරීමේදි ඉවත් කළ ලෝහ කැබලිවලින්.

මෙහි නිර්මාණකරුවන් මෙම ලෝහ කැබලි වසර ගණනාවක් තිස්සේ ඉතා රහසිගතව ගබඩාකර ගෙන තිබූ බවයි වාර්තා වන්නේ.