ස්ථාවර පහසුකම් සඳහා පනවා ඇති සීමාවන් ලිහිල් කරයි

ස්ථාවර පහසුකම් සඳහා පනවා ඇති සීමාවන් ලිහිල් කරයි

ස්ථාවර පහසුකම් සඳහා පනවා ඇති සීමාවන් ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය ජනවාරි 16 දින සිට බලපැවැත්වෙන පරිදි, විවෘත වෙළඳපල මෙහෙයුම් යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ස්ථාවර පහසුකම් භාවිතය සීමා කිරීම් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම සඳහා පිවිසීම මාසයකට උපරිම වාර 05කට සීමා කර ඇති අතර ස්ථාවර ණය පහසුකම් වෙත පිවිසීම ඕනෑම දිනක, සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවකම ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවයෙන් සියයට 90 කට සීමා කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දෙන රාත්‍රී පහසුකම් මත බලපත්‍රලාභී වාණිජ බැංකු අධික ලෙස යැපීම අවම කිරීම, දේශීය මුදල් වෙළෙඳපොළ, විශේෂයෙන්ම ඇමතුම් මුදල් වෙළෙඳපොළ යළි සක්‍රිය කිරීමට සහාය වීම හා අභ්‍යන්තර නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග හඳුන්වා දීමට බලපත්‍රලාභී වාණිජ බැංකු පෙළඹවීම යන අරමුණු ඇතිව මෙම පියවර ගෙන තිබෙනවා.

COMMENTS