මම මෝඩයෙක් වෙන්න ඕනේ – අද තරඟයට පෙර මෙන්ඩිස් කිව්ව දේ

මම මෝඩයෙක් වෙන්න ඕනේ – අද තරඟයට පෙර මෙන්ඩිස් කිව්ව දේ

ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා විශාල වශයෙන් අත්දැකීම් බහුල කණ්ඩායමක් වන ඇෆ්ගනිස්තාන කණ්ඩායම පිළිබඳ කිසිසේත්ම අඩු තක්සේරුවකින් නොසිතන බව ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පවසයි.

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ (08) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

“ඇෆ්ගනිස්තාන කණ්ඩායම අපේ කණ්ඩායමට වඩා ගොඩක් තරගාවලිවලට මුහුණ දීලා පළපුරුද්ද හා අත්දැකීම් තිබෙනවා. ඒ කණ්ඩායමේ හොඳින් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඉන්නවා. ඇෆ්ගනිස්තානය කියන්නේ මේ වනවිට ඉතාමත් හොඳින් ක්‍රීඩාකරන කණ්ඩායමක්.”

“මෙවර ඉතාමත් සමබර කණ්ඩායමක් අපිට ඉන්නවා. වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ හා චාමික කරුණාරත්න තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ක්‍රිඩකයන් තිදෙනෙක්. ඒක අපේ කණ්ඩායමට ශක්තියක්. වේගපන්දු යවන්නන් කිහිපදෙනෙක් ඉන්නවා. පිතිකරණයත් හොඳ මට්ටමක තිබෙනවා. මෙම තරගාවලිය හොඳින් ක්‍රීඩා කරලා ජයග්‍රහණය කරන්න අපි කණ්ඩායමක් වශයෙන් බලාපොරොත්තු වෙනවා.”

“තුන්ඉරියක් ක්‍රීඩකයෙක් ලකුණු 100යි කඩුලු 5ක් කොහෙවත් අරන් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ… හැම මැච් එකකදිම. තුන්ඉරියක් ක්‍රීඩකයෙක්ගෙන් මං බලාපොරොත්තු වෙන්නේ ලකුණු 30ක් 40ක් ගහන එකයි කඩුලු 2ක් 3ක් ගන්න එකයි. එයාගෙන් අර වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න මං මෝඩයෙක් වෙන්න ඕනේ. ඊට වඩා කළොත් එයාගේ දක්ෂතාවයක්.”

මේ අතර, අද පල්ලකැලේ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා සහභාගිවන 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා එක්දින සංචිතය ඊයේ නම් කළ අතර, එම සංචිතයට හිටපු නායක දසුන් ශානක ඇතුළත් නොමැති බවයි සඳහන් වන්නේ.

COMMENTS