ආර්ථික අර්බුදයෙන් කර්මාන්ත රැසක් වැසෙයි

ආර්ථික අර්බුදයෙන් කර්මාන්ත රැසක් වැසෙයි

ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා රජයෙන් සහන නොලැබීමෙන් ව්‍යාපාර රැසක් වැසී යාමට පටන් ගෙන ඇතැයි ශ්‍රී ලංකා ශුද්‍ර, කුඩා හා මධ්‍ය ව්‍යවසායක මණ්ඩලය මාධ්‍ය හමුවකදී පැවසීය.

ලාංකීය එක්සත් ව්‍යවසායක සංගමයේ සභාපතිනී ටානියා අබේසුන්දර මහත්මිය එහිදී පැවසූයේ ඇඟලුම් ක්ෂේත්‍රයේ ව්‍යාපාර වලින් සියයට 59ක් බිඳ වැටී ඇති බවයි.

වෙළෙඳ සැල් වල බඩු තිබුණත් ඒවා මිලදී ගන්නට කිසිවකුත් නැතැයිද අබේසුන්දර මහත්මිය කීවාය.

ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන කවුන්සිලයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පැවසූයේ ශ්‍රී ලංකාවේ ජලාශ පිරී ඉතිරී ගියත් ආසියාවේ වැඩිම විදුලි බිලක් ගෙවන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙන බවයි.

සියයට හාරසීයකින් වැඩි කරන ලද විදුලි බිල තවම අඩු කරන්නට නොහැකි වී තිබෙන බවද ලියන ආරච්චි මහතා සඳහන් කළේය.

මෙවැනි තත්ත්වයක් යටතේ රටට ආයෝජකයන් ඒවිදැයි ලියන ආරච්චි මහතා ප්‍රශ්න කළේය.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

COMMENTS