කංසා වගා කිරීමට අනුමැතිය හිමිවූයේ ගිය අවුරුද්දේ – ඩයනා

කංසා වගා කිරීමට අනුමැතිය හිමිවූයේ ගිය අවුරුද්දේ – ඩයනා

ඖෂධයක් ලෙසට කංසා මෙරට වගා කර අපනයනය කිරීමට කැබිනට් අනුමැතියක් හිමි නොවූ බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පෙරේදා (06) පැවසුව ද ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි වූයේ පසුගිය වසරේ දී බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසයි.

පාර්ලිමේන්තු සැසිවාරයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා ය.

ත්‍රෛලෝක විජය පත්‍ර ලෙස ආයුර්වේදයේ දී හැඳින්වෙන කංසා ශාකය මෙරට වගා කර ඖෂධයක් ලෙසට අපනයනය කිරීමට කැබ්නට් අනුමැතිය හිමි වුණු බවට සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පසුගිය 05 වැනි දා ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වෙතත් කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ, කැබිනට් රැස්වීමේ දී එවැනි අනුමැතියක් නොලැබුණු බවයි.