අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 6ක මිල සංශෝධනයක්

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 6ක මිල සංශෝධනයක්

අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය හයකට නිකුත් කර තිබූ උපරිම තොග සහ සිල්ලර මිල ඊයේ (06) සිට සංශෝධනය කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත.

ඒ අනුව වියළි මිරිස්, සුදු සීනි, ආනයනික හාල්මැස්සන්, ආනයනික ලොකු ලූනු සහ ආනයනික අර්තාපල්, මයිසූර් පරිප්පු යන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් මෙලෙස සංශෝධනය කර ඇත.

වියළි මිරිස් කිලෝවක් රුපියල් 870 කටත්, සුදු සීනි කිලෝවක් රුපියල් 265 කටත්, ආනයනික හාල්මැස්සන් කිලෝව රුපියල් 900 කටත්, ලොකු ලූනු කිලෝව රුපියල් 320 කටත්, අර්තාපල් කිලෝව රුපියල් 120 කට සහ පරිප්පු කිලෝව රුපියල් 295 ක් ලෙස තොග මිල නියම කර තිබේ.