හූති සටන්කරුවන්ට එරෙහි ප්‍රහාර ඇමෙරිකාව දැඩි කරයි

හූති සටන්කරුවන්ට එරෙහි ප්‍රහාර ඇමෙරිකාව දැඩි කරයි

යේමනයේ හූති සටන්කරුවන්ට එරෙහි ප්‍රහාර දැඩි කිරීමට ඇමෙරිකාව පියවර ගෙන තිබෙනවා.

රතු මුහුදේ යාත්‍රාකරන නෞකාවන්ට ප්‍රහාර එල්ල කිරීම සදහා හූති සටන්කාමීන් සූදානම් කර තිබූ ගොඩබිම් ප්‍රහාරක කෘෘස් මිසයිලයකට සහ නැව් නාශක මිසයිල 4කට පහරදුන් බවයි ඇමෙරිකා ආරක්ෂක අංශ සදහන් කරන්නේ.

රතු මුහුදේ ගමන් කරන වෙළෙද නෞකාවලට ආරක්ෂාව සපයමින් ජාත්‍යන්තර වෙළෙද ප්‍රවාහය විධිමත්ව පවත්වාගැනීම ප්‍රහාරයන්හි අරමුණ බව ඇමෙරිකා ජාතික ආරක්ෂක උපදේශක ජේක් සිලිවන් ප්‍රකාශ කරනවා.

ඊයේ දිනයේදී ද ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය ඒකාබද්ධ ප්‍රහාර මාලාවක් හුති ඉලක්කයන් වෙත එල්ල කෙරුණා.

එමෙන්ම ඉරාන සහාය ලබන හුති කැරලිකරුවන්ගේ ඉලක්කයන් වෙත අඛණ්ඩව ප්‍රහාර එල්ලකරන බවයි ඇමෙරිකාව නිවේදනය කරන්නේ

https://shorturl.at/hnsDM