කොවිඩ් වෛරසයට වඩා 20 ගුණයක් මාරාන්තික වෛරසයක්

කොවිඩ් වෛරසයට වඩා 20 ගුණයක් මාරාන්තික වෛරසයක්

Covid – 19 වෛරසයට වඩා 20 ගුණයක් පමණ මාරාන්තික විය හැකි වෛරසයක් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Ghebreyesus සිය x ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ එම වසංගතය ‘Disease X’ ලෙස නම් කර ඇති බවයි.

ඒ අනුව ඔහු ලොව පුරා රටවල්වලින් ඉල්ලා සිටියේ මාරාන්තික ‘Disease X’ රෝගය මැඩපැවැත්වීම සඳහා ‘වසංගත ගිවිසුමක්’ අත්සන් කරන ලෙසයි.

එමෙන්ම ලබන මැයි මාසය වනවිට මෙම ගිවිසුමට එළැඹෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද අධ්‍යක්ෂ ජනරාල් කියා සිටියා.

COVID කාලය තුළ බොහෝ මිනිසුන් අහිමි වූයේ තත්ත්වය කළමනාකරණය කිරීමට නොහැකි වූ නිසා බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

https://shorturl.at/atvw4