මේ මස පළමු දින 10තුළ සංචාරකයින් 50,000ක් ඇවිල්ලා

මේ මස පළමු දින 10තුළ සංචාරකයින් 50,000ක් ඇවිල්ලා

මේ මාසයේ පළමු දින දහය තුළ සංචාරකයින් පනස් දහසකට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

සංචාරකයින් පනස්හත්දහස් තුන්සිය අනූ හතර දෙනෙකු දෙසැම්බර් මාසයේ පළමු දින දහය තුළ දිවයිනට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ.

සංචාරකයින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්.

එම සංඛ්‍යාව එකොළොස්දහස් හාරසිය දෙකක්.

රුසියාවෙන් සංචාරකයින් අටදහස් හතර දෙනෙකු පැමිණ තිබෙනවා.

අදාළ කාලය තුළ බ්‍රිතාන්‍යයෙන් පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පන්දහස් නවසිය අනූ එකක්.

ජර්මනියෙන් ද සංචාරකයින් පන්දහස් තුන්සිය තිස් හය දෙනෙකු මේ මාසයේ පළමු දින දහය තුළ දිවයිනට පැමිණ ඇති බවයි වාර්තාවල දැක්වෙන්නේ.

මේ වසරේ ගත වූ කාලය තුළ දිවයිනට පැමිණි සමස්ත සංචාරකයින්ගේ සංඛ්‍යාව දහතුන් ලක්ෂ තිස්හතර දහස් තුන්සිය හතළිස් පහක් බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය තවදුරටත් සදහන් කරන්නේ.

COMMENTS