බන්ධනාගාර නිලධාරීන් 19කට උසස්වීම්

බන්ධනාගාර නිලධාරීන් 19කට උසස්වීම්

බන්ධනාගාර නිලධාරීන් 19 දෙනෙකුට උසස්වීම් ලබාදීමට කටයුතු කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා පවසයි.

පසුගිය නොවැම්බර් මස 28 වනදා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ජේලර් තනතුරුවල පුරප්පාඩු පිරවීම සඳහා සම්මුඛ පරීක්ෂණයක් පවත්වා ඇත.

එහිදී පළමු පෙළ ජේලර් තනතුරේ අවුරුදු 05කට වැඩි සතුටුදායක සේවා කාලයක් ඇති නිලධාරීන් අතුරින් ජ්‍යේෂ්ඨතාව සහ කුසලතාවය මත වැඩිම ලකුණ ලබාගත් නිලධාරීන් 19 දෙනෙකු මෙලෙස ප්‍රධාන ජේලර් තනතුර සඳහා උසස් කර තිබේ.