චීනය කෝපි කර්මාන්තයේ අංක එක වෙයි

චීනය කෝපි කර්මාන්තයේ අංක එක වෙයි

මෑත වසරවල දී චීනය ගෝලීය කෝපි කර්මාන්තයේ බලවතා බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ලොව විශාලතම සන්නාම සහිත කෝපි කඩ වෙළඳපොළ ලෙස චීනය විසින් එක්සත් ජනපදය අභිබවා ගොස් ඇති බව සඳහන්.

ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකයේ සන්නාම ගත කෝපිහල් සංඛ්‍යාව පසුගිය මාස 12 තුළ අලෙවිසැල් 49,691 දක්වා 58%කින් වර්ධනය වී ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍යවල වැඩිදුරටත් සඳහන් වන්නේ චීනයේ පාරිභෝගිකයින්ගෙන් 90% කට ආසන්න ප්‍රමාණයක් අවම වශයෙන් සතියකට වරක් කෝපි හලකට යන බවයි.

http://tinyurl.com/3h4jkema