ගෑස් මිල ඉහළ යන ලකුණු

ගෑස් මිල ඉහළ යන ලකුණු

2024 ජනවාරි සිට 18%ක බදු වැඩිවීමත් සමඟ ගෑස් මිල සැළකිය යුතු ලෙස ඉහළ දැමීමට සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

එහි සභාපති මුදිත පීරිස් සඳහන් කළේ බදු වැඩිවීමත් සමඟ අකමැත්තෙන් වුවද මෙම තීරණය ගැනීමට සිදුවන බවයි.

ඒ අනුව රුපියල් 600කට වැඩි මුදලකින් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල ඉහළ යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

දැනට වෙළඳපළේ ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 3565කටයි.

එමෙන්ම, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1431කටත්, කිලෝග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 668කටත් අලෙවි වනවා.