කිරි ගොවිපොළවල් ලබන ජනවාරි සිට ලියාපදිංචි කිරීමට තීරණයක්

කිරි ගොවිපොළවල් ලබන ජනවාරි සිට ලියාපදිංචි කිරීමට තීරණයක්

සියලු කිරි ගොවිපොළවල් ලබන ජනවාරි මාසයේ දී ලියාපදිංචි කිරීමට තීරණය කර තිබෙනවා.

මෙරට සත්ත්ව ගොවිපොළ දෙලක්ෂ 90,592ක් තිබුණ ද, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇත්තේ ගොවිපොළ 58,137ක් පමණයි.

ඉන් වැඩි ප්‍රමාණයක් දිනකට කිරි ලීටර් 100කට වඩා අඩුවෙන් ලබා ගන්නා ගොවිපොළ ලෙස හඳුනාගෙන තිබෙනවා.

මෙලෙස ලියාපදිංචි නොකිරීම නිසා රජය මගින් ලබාදෙන සහන සේවා අදාළ ගොවීන්ට ලබාගැනීම නොහැකි වී ඇති බව සඳහන්.

කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙන්නේ එබැවින් ලබන මාසය සත්ත්ව ගොවිපොළ ලියාපදිංචි කිරීමේ මාසය ලෙස ප්‍රකාශයට පත් කිරීමටයි.