කැබිනට් ඇමතිවරු හතරක් ගෙදර යවයි

කැබිනට් ඇමතිවරු හතරක් ගෙදර යවයි

ජපානයේ කැබිනට් අමාත්‍යවරුන් සිව් දෙනෙක් ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කිරීමට ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida තීරණය කර තිබෙනවා.

එම අමාත්‍යවරුන් අතර එරට රජයේ ප්‍රධාන කැබිනට් ලේකම්වරයා මෙන්ම කර්මාන්ත අමාත්‍යවරයා ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අරමුදල් රැස් කිරීමේදී සිදුකළ වංචාවකට අදාළව ඔවුන්ගේ නම් ඊට සම්බන්ධ වීම හේතුවෙන් ජපාන අග්‍රාමාත්‍යවරයා එම තීරණය ගෙන ඇති බව සඳහන්.

2022 තෙක් 5 වසරක් පුරා ජපාන යෙන් මිලියන 500ක පමණ මුදලක් වෙනත් ගිණුම් වල තැන්පත් කර තිබීම සම්බන්ධයෙන් එරට බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

http://tinyurl.com/393uze97

COMMENTS