උඩවලව – තණමල්විල මාර්ගය අද සිට වැසේ

උඩවලව – තණමල්විල මාර්ගය අද සිට වැසේ

උඩවලව ජලාශයේ බැම්ම හා පිටවාන ප්‍රදේශය අලුත්වැඩියා කිරී⁣ම සඳහා අද (15) සිට ජලාශයේ බැම්ම මතින් දිවෙන උඩවලව – තණමල්විල මාර්ගය සම්පුර්ණයෙන් ම වසා තබන බව උඩවලව ජලාශය භාර ප්‍රධාන ඉන්ජිනේරු තේමිය බණ්ඩාර පවසයි.

ඒ අනුව, උඩවලව තණමල්විල ප්‍රධාන මාර්ගය ඔස්සේ අම්පාර, මොනරාගල, කල්මුණේ, ආදී වශයෙන් ඌව හා නැගෙනහිර දක්වා දිවෙන මාර්ගයේ වාහන ධාවන කටයුතු සම්පුර්ණයෙන් ම නවතා තබන බව ඔහු සඳහන් කළේ ය.

මෙම ප්‍රධාන මාර්ගය භාවිත කළ රථ වාහනවලට මෙම කාල සීමාව තුළ ඇඹිලිපිටිය නගරය දක්වා ගොස් තණමල්විල මාර්ගය ඔස්සේ ගමන් කළ හැකි ය.

මෙම නඩත්තු කටයුත්ත සඳහා දෙසැම්බර් 22 දින දක්වා මාර්ගය සම්පූර්ණයෙන් ම වසා තබන බව උඩවලව ජලාශය භාර ප්‍රධාන ඉන්ජිනේරුවරයා තවදුරට ත් සඳහන් කළේ ය.

ඉන් පසුව, දෙසැම්බර් 23 වන දා සිට ජනවාරි 6 දක්වා කාලය තුළ එක් මං තීරුවක් පමණක් විවෘතව තැබෙන අතර ඉන් පසුව 2024 ජනවාරි 7 වන දා සිට ජනවාරි 14 දක්වා යළි ත් මෙම මාර්ගය සම්පුර්ණයෙන් ම වසා තබ යි.

ජනවාරි 15 වන දා සිට පූර්ණ වශයෙන් මෙම මාර්ගය විවෘත කරන බව ජලාශයභාර ප්‍රධාන ඉන්ජිනේරුවරයා පැවසීය.

COMMENTS